ඇතැම් විට කසල ගොඩක් අසල වාසය කිරීමට දෛවය විසින් ඔබට ඉඩ සලසන්නේ, කසල දුගන්ධය, කසල පිලිස්සෙන රස්නය, මිනිසුන් කසල විසි කරන විට නිවසට හා ශරීරයට කසල පතිත වීම යනාදියෙන් ඉවසීම ප්‍රගුණ විය යුතු නිසාය.
කසල ගොඩ වැළඳගෙන, කසල නාගැනීමෙන් කසල කසල යයි හඳුනාගැනීමට අනුවණ කාලයේදී අපිරිසිදු වී දුක්ඛයට පත් වනු ඇත. ඇතැම් විට ඒ ගිනි පුපුරු මඟින් පිලිස්සෙනු ද ඇත. කසල ගොඩට බැනීමට වඩා කසල ගොඩ හඳුනාගත නොහැකි වීම පිළිබඳ සිය වරද වටහාගෙන, නා කියා පිරිසිදු විය යුතුය.
පසුව ඔබ කසල ගොඩට එලෙසම තිබෙන්නට හැර සාමයෙන් සිටියදී, කසල ගොඩෙන් ඉපදෙන ඉහඳ පණුවන්, ඒ වටා සැරිසරන පිසාචයන් ඔබට අනවශ්‍ය ලෙස කරදර කිරීමට පැමිණේ නම්, ඊළඟ භවයේ වත් මොවුන් හොඳ අය ලෙස ඉපදේවා යන්න සිතමින් පිලිස්සීම හෝ මොවුන් පාඩමක් ඉගෙන ගත යුතු යයි සාප කිරීමට ඔබට අයිතියක් ඇත.
මන්ද ඉහඳ පණුවන් හා පිසාචයන් ට ත් සත්‍ය අවබෝධ කර හොඳින් සිටීමට ඔබට මෙන්ම අයිතියක් ඇති බැවිනි.
ඔබ කසල ගොඩ අසල වාසය කිරීමට වූ අයෙක් ද, කසල ගොඩට අයත් අයෙක් ද කියා අවංකව සිතා බලන්න.
No comments:
Post a Comment