මෙය කියවන ඔබ, ඇතැම් විට ඔබ පිළිබඳව විවිධ වූ දේ මතක් වීමෙන් ඔබ කලබල වනු ඇත. නැතිනම් සන්තුෂ්ටියට පත් වනු ඇත. තරමක් දිගු ලිපියක් වන මෙය කියවා ස්වකීය ගුණාගුණ සමබරව වටහාගන්නේ නම් ඔබ බුද්ධිමත්, යහපත් පෞර්ෂයකින් හෙබි අයෙකි.
ලොව වෙසෙන්නේ අළු මිනිසුන් යයි කීවද බහුතර ජනයා වූ සාමාන්‍ය ප්‍රවාහයට බොහෝ විට ඇත්තේ වඩා කළු පැහැයට බර අළු පැහැයකි. කිසිවෙක් සර්ව සම්පූර්ණ නොවන බව සත්‍යක් වූ මුත් එය එසේයයි පිළිගෙන මරණය දක්වා අසම්පූර්ණත්වය නඩත්තු කිරීමෙන් ස්වයං පරිහානියට පත් වේ. සිතන්න, ඔබ වංක චේතනාවෙන් ඔබේ භෞතිකමය, වාණිජමය, අරමුණු, අවස්ථා සාක්ෂාත් කරගන්නවා කියා. එහෙත් එය තාවකාලික සුඛයට හේතු වන නුමුදු, සදාකාලික දුගතියට හේතු වේ. මන්ද එය ඔබේ පශ්චාතාපයට හේතු වනවා මෙන්ම, නිව්ටන්ගේ තෙවන නියමය වන සෑම ක්‍රියාවකටම ඊට සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත යන වාක්‍ය සඵල කරනු ඇත.
සාමාන්‍ය ප්‍රවාහයේ බහුතරය බොහෝ විට අතිශය ගැඹුරු සංකල්ප කෙරෙහි අවංක අවධානය නොදක්වයි, එමෙන්ම තමා පිළිබඳ ගවේෂණයේ නොයෙදෙයි. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ගැඹුරු දෑ පිළිබඳ උනන්දු බව ලෝකයාට පෙන්වමින් තමාගේ දෑ ව්‍යාජ ලෙස සරසා ලෝකයාට පෙන්වීමයි. ඔවුන්ගේ මමත්වය අධික වන අතර සිය වැරදි වසා ගැනීමට විව්ධ දේ කරයි.ශේප් න්‍යාය භාවිත කරයි. එමෙන්ම, ඔවුන්ගේ ජීවිත අරමුණ බොහෝ විට give and take හි take පමණක් ඇති ඒවා වේ. එනම්, තමාට ලැබිය යුතු භෞතික දේපළ, කීර්තිනාමය, තමාගෙන් නමක් යන ලෙස වන සේවාව වැනි ලොව අනෙකුත් දෑ තමාට ක්ෂය වන ආත්මාර්ථයෙන් බහුල අරමුණු වේ. ඔවුන් මේවා ඔවුන් ගෙ වටා සිටින විවිධ අයව විවිධ ඇමවල් යොදාගෙන ඒ අයට නොදැනී ඒ අයව භාවිත කරමින් කිරීමට පෙළඹෙයි. මොවුන් තමාගේ සැබෑ ස්වරූපය ගැන අර්ධ ලෙස දැනුවත් අතර එසේ නොවන අවස්ථාද ඇත. මෙම හේතූන් නිසා ඔවුන් ව්‍යාජ ප්‍රතිරූපයක් සමාජය ඉදිරියේ මවාපාමින්, විවිධ උපායන් යොදමින් හැසිරෙයි. මෙම සත්‍ය යම් අයෙක් හෝ පිරිසක් වටහා ගත් කල ආවේගශිලි ලෙස හැසිරෙමින් ස්වයං ප්‍රතිරූපය ශෝධනය කරයි. ඉංග්‍රීසි බසින් මෙයට victim play යනුවෙන් කියන අතර එය ඉතා පහත් ක්‍රියාවක් වේ. එමෙන්ම, එය වටහාගත් අයත් ඔවුන්ගේ ස්වරූපයටම සමාන නම් ඒ අයට ඉක්මනින් එය අමතක වන අතර ඔවුන් සාමාන්‍ය ප්‍රවාහයේ නොවේ නම්, කිසිදා අමතක නොවනු ඇත.
මොවුන් බොහෝ විට නිහඬ අය නොවෙති. නිහඬ චරිත පිළිබඳ දේවකතා යනාදියෙන් වත්මන දක්වා එන යහපත් ප්‍රතිරූපය නිසා ඔවුන් නිහඬ චරිත මෙන් ඇතැම් විට පෙනී සිටිනු ඇත. ගුප්ත චරිත මෙන්ම සරල, සංකීර්ණ චරිත මේ අතර වේ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මානය, කුහකත්වය වැනි කෙලෙස් වලින් මොවුන් නිතරම පිරී ඇත. වත්මන් ව්‍යවාහාරයේ මොවුහු මෙයට ඇරියස් යනුවෙන් කියති. ඔවුන් සතුව ඇති මෙම "ඇරියස්" නිසා ඔවුන් සෙස්සන්ටත් ඒවා ඇති බව සිතයි. අවම සංඛ්‍යාත වලින් හෙබි මොවුහු අඳුරට අයත් ආත්ම වෙති. මොවුන් සාමාන්‍ය සමාජයේ ඉහළ නමක් දිනාගැනීමට උත්සහ කරයි. (දේශපාලකයන්, ප්‍රකට ව්‍යාපාරිකයන් දෙස බලන්න. මොවුන් අහිංසක ජනයා තලාපෙලා කූට ලෙස මුදල් ගරනුයේ කෙසේද එසේය මෙම සාමාන්‍ය ප්‍රවාහයේ ක්‍රියාව).
තවත් උගත යුතු කාරණාවක් වනුයේ මොවුන් ඕනෑම විශය ධාරාවක, ක්ෂේත්‍රයක නියැලීමයි. විද්‍යාව වැනි යාන්ත්‍රික විශයන් තුළ ද කලාව වැනි සියුම් විශයන් තුළ ද මොවුන් හමු වේ. කෙතරම් හැකියා තිබෙන මුත් මොවුන් අඳුරට අයත් බව දුක්ඛිතව කිව යුතුය. මොවුන්ට හැඟීම් විඳීමේ වටහාගැනීමේ හැකියාව සාපේක්ෂව අඩු වන අතර සහකම්පනය ද අවම ය. කූට ලෙස ස්වකීය අරමුණු ඉටු කරගන්නා ඔවුන්ට ගැඹුරු දේවල් හෝ ඔවුන්ගේම සත්‍ය වටහාදීමට යාම කළ නොහැකි ක්‍රියාවකි. විශ්වයේ සත්‍ය මොවුන්ට වටහාගැනීමට අපහසු අතර ව්‍යාජ නිදොස් බව ඔප්පු කිරීමට ඕනෑම දෙයක් කරයි. (යමෙකුගේ අඳුරු පිලිකුල් සත්‍ය තවත් අයෙකුට හසුවූ කල ඔවුන් දැඩි ලෙස ආවේගශීලි වන බව අපි දනිමු. එය මිනීමැරුමක් දුටු සාක්ෂිකරුවෙක්ව ඝාතනය කිරීමක් වැන්නකි.) මෙම අඳුරට අයත් අය ආලෝකයට අයත් අය විනාශ කිරීමට නොයෙකුත් දෑ කරයි. මානසිකව වැට්ටවීම, ව්‍යාජ මත පැතිරවීම යනාදී බොහෝ ක්‍රියා ඒ අතර වේ. ඊට හේතුව ද අර කී "ඇරියස්" වේ. බොහෝ විට ඔවුන්ගේ හැඟීම් ගැන ඔවුන් නොදැනුවත් ද විය හැක.
ඇතැම් අය මත පළ කරන පැරණි ආත්ම නව ආත්ම සංකල්පයට අනුව මොවුන් නව ආත්ම විය හැකි බව කියයි. ඔවුන්ගේ විඥානයේ අපරිණතභාවයට හේතු වන්නේ පෘථිවියට පසුව පැමිණෙන හෙයින් බව කියයි. (මෙම සංකල්පයේ නිරවද්‍යතාව කෙසේ වෙතත් විවිධ මට්ටම් වල ආත්ම/ හිත්/ විඥාන/ astral bodies ඇත)කෙසේ වෙතත් මෙකී අඳුරට අයත් වන්නේ ඔවුන්ගේ ඇති තාවකාලික ප්‍රඥාවත් සදාකාලික අඥානබවත් නිසාය.
මීට හාත්පසින්ම වෙනස් සුළුතරයක් ආලෝකයට අයත් අය වන අතර යථොක්ත පැරණි නව ආත්ම සංකල්පයට අනුව මොවුන් ඉපැරණිම ආත්ම බව කියයි. Lightworkers යනුවෙන් හැඳින්වෙන මොවුන් ආධ්‍යාත්මිකව අන්‍යන්ට වඩා ඉහළ තැනෙකත් ඉහළ සංඛ්‍යාත ප්‍රමාණයකත් සිටී. මොවුන්ට අන්‍යන්ට සාපේක්ෂව යම් යම් දෑ වැටහෙන අතර ආලෝකමත් බව නිසාම නිරන්තරයෙන් කරදර වලට මූණ පායි. ඊට හේතුව බහුතරය අඳුරු වීම නිසාය. මොවුන්ගේ ජීවිතයේ මුඛ්‍ය පරමාර්ථය වනුයෙ පරාර්ථකාමීව ලෝකයාට සේවය කිරීමයි. අන්‍යන්ට වඩා ඉතාම වෙනස් වීම නිසා මොවුන් හා සන්නිවේදනය අසීරුය. එවන් අවස්ථාවක මොවුන් නවතිනුයේ අනෙකාගේ වටහාගැනීමේ ධාරිතාව අඩු වීම නිසා විනා ඇතැම් අඳුරු අය මෙන් විශ සහගත බව පෙන්වීමට නොව. මොවුන්ගේ අභ්‍යන්තරය නිරන්තරයෙන් වෙනස් වේ. ඒ ඔවුන් ආධ්‍යාත්මික ගවේෂණයක සිටින හෙයිනි. විශ්වයේ සත්‍ය ගැන යම් අවබෝධයක් ඇත්තන් වෙයි. සමාජශීලි බව ඉතාම අඩු මොවුන්ගේ ශුන්‍යවාදි බව ඉතා ඉහළය. ඊර්ෂ්‍යාව, කුහකත්වය වැනි බොහෝ කෙලෙස් අවම, බොහෝ විට නොමැතිම වන අතර, ඔවුන් සතුව අන්‍යන්ට සාපේක්ෂව බහු විධ හැකියා පවතී. එහෙත් ඒවා අන්‍යන්ට සාපේක්ෂව ඉස්මතු වන්නේ සුළු වශයෙනි. ඉතාම සංවේදි හදවත් ඇති මොවුන්ගේ සැබෑ පෞර්ෂය වත්මන් සමාජයේ කලාතුරකින් දක්නට ලැබේ.සිය පෞර්ෂය නඩත්තු කිරීමට මොවුන් අඳුරු අය මෙන් කිසිවක් නොකරයි. ඔවුන් සතුව අන්‍යන්ට සාපේක්ෂව දැවැන්ත පෞර්ෂයක් ඇත. මන්ද ඒවා දේවත්වයට, සක්විති පදවියට, සාන්තුභාවයට ඉතාම කිට්ටු බැවිනි. තාවකාලික ප්‍රීතිය ප්‍රතික්ෂේප කරන මොවුන්ට ලෝකෝත්තරත්වය පිළිබඳ අවබෝධයක් තිබේ. අනන්‍යන්ට සාපේක්ෂව මමත්වයෙන් තොර වෙයි.
ඔබ කෙතරම් වැරදි වූවත්, නිවැරදි වූවත් ඔවුන් ඔබට මෛත්‍රී කිරීම නොනවතයි. ඔබ හා කතා කළ ද නොකළ ද ඔබ ඔවුන්ගේ පරිණතභාවයේ හා පෞර්ෂයේ මට්ටම වටහාගෙන නිහඬව මවක් කුඩා දරුවෙකුට කරුණාව දක්වන ආකාරයට අනුකම්පා කරමින් මෛත්‍රී වඩයි. ඔවුන් යහපත පතමින් උපකාර කරයි.
ඉදින්, අවංකව ඔබ ඔබගෙන්ම ප්‍රශ්න කොට විමසන්න ඔබ කව්ද සහ ඔබ අවට සිටින අය කව්ද කියා. ඔබත් අඳුරේ ලක්ෂණ දරන්නෙක් නම් නිහතමානීව අභ්‍යන්තරය වෙනස් කරගන්න. අඳුරේ අය අවට සිටී නම්, ඔවුන්ට අනුකම්පා කරන්න. ඔබ ආලෝකයේ ලක්ෂණ දරයි නම් ඉදිරියටම යන්න.
No comments:
Post a Comment